ඩෙංගු ආසාදිතයෙකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගීන් මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීමේ පණිවිඩය කඩිනමින් ජනතාව අතරට ගෙන යා යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පවසයි.
එබැවින් ඩෙංගු ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගන්නා රෝගීන් මෙන් ම, ඩෙංගු ආසාදිතයෙකු ලෙස තහවුරු කර ගන්නා තුරු සියලු උණ රෝගීන් ද මදුරුවන්ගෙන් ආරක්ෂා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ජනතාව පෙළඹවිය යුතු බව ත්, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ජනමාධ්‍ය සහය අවශ්‍ය බව ත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය.
වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය මේ බව සඳහන් කළේ, ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා පත් කරන ලද බස්නාහිර පළාත් අනුකමිටුව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පෙරේදා (ජූනි 14) රැස් වූ අවස්ථාවේදී ය.


