ලෝක ටෙස්ට් ශූරතාවය ඕස්ට්‍රේලියාවට…

එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් පිටියේදී පැවැති ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාව ලකුණු 209 කින් පරාජය කළ ඕස්ට්‍රේලියානුවෝ 2023 ටෙස්ට් ලෝක ශූරතාව දිනාගත්හ.

2021 ජූලි මාසයෙන් ආරම්භ වූ මෙම තරගාවලිය වසර දෙකක් පුරා පැවැත්විණ.

කාසියේ වාසිය දිනූ ඉන්දිය කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කළේය. එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 469ක් ලබාගත්තේය.

ඊට පිළිතුරු වශයෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296ක් පමණි.

ඉන් අනතුරුව දෙවන ඉනිම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.

එහිදී දෙවන ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී  ලබාගත හැකිවූයේ ලකුණු 234ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *