මිහින්තලා පොසොන් උත්සවයට රජයෙන් ලක්ෂ 31ක් !

අනුරාධපුර මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවයේ මූලික කටයුතු සඳහා රජය මගින් රුපියල් ලක්ෂ 31ක මුදලක් එම විහාරස්ථානය වෙත ලබා දුන් බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

මීට අමතරව එම උත්සවයේ සෙසු කටයුතු සඳහා තවත් මූල්‍යමය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

මිහින්තලා රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන උත්සව කටයුතු සඳහා පමණක් මෙම මුදල ලබා දී ඇති බව ද ඊට අමතරව අටමස්ථානය හා පොසොන් කලාපය වෙනුවෙන්ද මුදල් ලබා දීමට පියවර ගන්නා බව ද ඔහු පැවැසීය.

පොසොන් උත්සවයේ කටයුතු සඳහා රජය මගින් මුදල් ලබා දී නොමැති බැවින් පිණ්ඩපාත චාරිකාවක නිරතව හෝ එම මුදල් සොයා ගැනීමට කටයුතු කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *