ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේෂාවෙන් විමසන ප්රශ්නවලින් පසු විවාදය ආම්භවීමට නියමිතයි.
පසුව අද සවස ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


