ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැලඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය අය සැමරීම සඳහා කොළඹ නගරය තුළ ස්මාරකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව කොළඹ නගරයේ සුදුසු ස්ථානයක එය ඉදිකිරීමට නියමිත බවයි අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
සිවිල් කැලඹිලි ස්වභාවයන්ට, දේශපාලන නොසන්සුන්තා, ජනවාරිගික ගැටුම් සහ දීර්ඝ කාලීන සන්නද්ධ ගැටුමකින් යුතු ඉතිහාසයකට ලංකාව මුහුණු දී ඇති බවත් එම කාලය තුළ සියලු ජනවර්ග, ආගම්, වෘත්තීන් සහ වෙනත් අනන්‍යතාවයන්ට අයත් පුරවැසියන් විවිධ දුක් වේදනාවන්ට අසීමිත ලෙස භාජනය වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැලඹිලි අවස්ථාවන්හි ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයින් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලූම පුද්ගලයින් අනුස්මරණය සඳහා සංහිඳියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස මෙය ඉදි කිරීමට ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


