හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් අභාවප්‍රාප්ත වෙයි!

රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් අභාවප්‍රාප්ත විය.

ඊයේ (18) දින ඔහු මියදෙනවිට 66 වියෙහි පසුවිය.

ඔහු කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ හා තර්ස්ටන් විද්‍යාලයේ ආදී සිසුවෙකි.

අභාවප්‍රාප්ත රොහාන් ඩයස් ගේ දේහය මේවනවිට බොරැල්ල AF රේමන්ඩ් මල් ශාලාවේ තැම්පත් කර ඇති අතර දේහය පිලිබඳ අවසන් කරයුතු හෙට (20) පස්වරුවේ දී මට්ටක්කුලියෙදී සිදුකෙරෙනු ඇතිබව පවුලේ ආරංචිමාර්ග  පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *