ජුනි මාසයේ සිට විදෙස් ගමන් බලපත්‍රය සඳහා නිවසේ සිට ඉල්ලුම් කිරීමට හැකි ක්‍රමවේදයක් නිර්මාණය කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
දිස්ත්‍රික්ක 25 ක ප්‍රදේශීය ලේකම් කාර්යාල 50 ක් තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීම සඳහා නිලධාරීන් පුහුණු කිරීමද අවසන් කර ඇති බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.
ඒ අනුව දෙපාර්තමේන්තුවට අයඳුම්පත්‍රය Online ක්‍රමය ඔස්සේ යොමුකර අදාළ ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඇඟිලි සලකුණු ලබාදීම හා ඡායාරූප ලබා ගැනීමෙන් අනතුරුව ගමන් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය ගාස්තු Online හෝ ලංකා බැංකු ඕනෑම ශාඛාවකින් ගෙවීම් සිදුකළ හැකි බවද ඔහු සඳහන් කළා.
ඉන් අනතුරුව දින තුනක් තුළ ගමන් බලපත්‍රය තැපැල් දෙපාර්තමේන්තුව හරහා නිවසට ලබාදීමේ මූලික වැඩකටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය වැඩිදුරටත් සඳහන් කළේ.


