සරසවි ආචාර්යවරුන්ගේ ගැටලු වලට ජනපතිගෙන් විසඳුම්!

තම බදු ගැටලුවට විසඳුම් ඉදිරි IMF සංශෝධනවලදී ලබාදීමට ජනාධිපතිවරයා එකඟවූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (18) පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ එබව කියා සිටියේය.

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමත් සමඟ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවලට ද විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව ජනපති වික්‍රමසිංහ මෙම සාකච්ඡාවේදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *