සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල් ධූමායනය කටයුතු කිරීමට අදාළ අංශ වෙත දැනුම්දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වනදා සිට ජුනි 8 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වීමට නියමිතයි.


