‘දන්නෝ බුදුන්ගේ…’ ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය…

‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා ශූරින් විසින් රචනා කරනු ලැබ ඇති විශ්වනාත් ලව්ජි මහතා විසින් තනු නිර්මාණය කරනු ලැබ තිබෙන ‘සිරිසඟබෝ නෘත්‍යයේ ඇතුළත් මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන මෙම තීරණය ඇත.

මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව හා වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතය හා සමානව භාවිතයට ගත් බවට සාක්ෂි ඇති බව අද (මැයි 16) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

ජාතියේ වින්දනය සහ චින්තනය කෙරෙහි ශතවර්ෂයකට අධික කාලයක් එම ගීතය අඛණ්ඩව බලපා තිබෙන බව සැලකිල්ලට ගනිමින් ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *