විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට…

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබන ජූලි 01වැනිදා සිදුකෙරෙන විදුලි ගාස්තු සංශෝධනය සඳහා වූ යෝජනාව ඊයේ (15) පස්වරුවේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, සෑම වසරකම ජනවාරි 01 සහ ජූලි 01 යන දෙදින තුළ වාර්ෂිකව ගාස්තු සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාවට රජයේ තීරණයට අනුව අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.

ඇමැතිවරයාට අනුව, විදුලිබල මණ්ඩලයේ සත්‍ය ජනන දත්ත, යෙදවුම්වල සත්‍ය මිල, ජනන මිශ්‍රණය සහ මෙම වසරේ (2023) සඳහා වන විදුලි ඉල්ලුමේ පුරෝකථනය සැළකිල්ලට ගෙන මෙම ගාස්තු සංශෝධනය සිදුකෙරෙනු ඇත.

මේ අතර පසුගියදා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා ප්‍රකාශ කළේ විදුලි ඉල්ලුම, විදේශ විනිමය අනුපාත සහ ඉන්ධන මිලෙහි මෑත කාලීන අඩුවීම් සැළකිල්ලට ගෙන, විදුලි පාරිභෝගිකයන්ට ආසන්න වශයෙන් 20% ක විදුලි ගාස්තු අඩුවීමක් වහාම ලැබිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *