මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදයක් යටතේ කළමනාකාරණ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාවට එලෙස අනුමැතිය හිමිව ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.


