වෙසක් දනසැල් පරීක්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 3000ක්!

එළඹෙන වෙසක් උත්සවයට සමගාමීව දිවයිනපුරා පැවැත්වෙන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

දන්සැල් පැවැත්වීමට පෙර එය ලියාපදිංචි කිරීම අනිවාර්යය වන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

‍ඒ අනුව දන්සැලක් ලබාදීමට අපේක්ෂා කරනවා නම් දන්සැල ලබාදෙන පරිශ්‍රය පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් ලිඛිතව දැනුම් දුන් පසු අවශ්‍ය උපදෙස් ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *