හිටපු රග්බි සභාපති රුපියල් කෝටි 50ක් වන්දි ඉල්ලයි…

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට කමිටුවක් පත්කිරීමෙන් සිය කීර්තිනාමයට සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට වූ හානියට රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා හිටපු සභාපති රිස්වි ඉල්ලියාස් පැවසීය.

රග්බි පරිපාලනය විසුරුවාහැර කමිටුවක් පත්කිරීමෙන් තමන් වසර 30 කට අධික කාලයක් රග්බි පරිපාලනයේ ගොඩනගාගෙන තිබූ කීර්තිනාමයට විශාල කැළලක් වූ බව කී ඉල්ලියාස්, ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව පවත්වාගෙන යන නඩුව තව දුරටත් පවත්වාගෙන යන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *