සමගි ජන බලවේගයට ආණ්ඩු බලය ලැබුණු පළමු අවස්ථාවේ ම පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කර දෙන බව ත්, කිසිදු පුද්ගලයකු බේරා ගැනීමේ වුවමනාවක් තම පක්‍ෂයට නොමැති බව ත්, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් ඇති බව ත්, එය සඟවා තැබීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කරන බවත් ඒ හේතුවෙන් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු නොවූ බවත් හෙතෙම කීය.
මේ වන විට වසර 4ක් ගත වී ඇතත් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වයන්ට කිසිදු විසඳුමක් නොලැබුණු බව ත්, මේ මොහොත වන විටත් එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත් ඔහු සඳහන් කළේ ය.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන පර්යේෂණ කටයුතු සඳහා විවිධ පුද්ගලයන් හා විවිධ පිරිස් විවිධාකාරයෙන් ඇඟිලි ගැසීම් සිදු කරන බව ද හෙතෙම කීය.
ස්වාධීන පරීක්‍ෂණයක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට සහ පාර්ශ්වකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදෙන බවත් දේශීය හා ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ස්වාධීනව පවත්වා මේ ක්‍රියාවලියේදී ඊට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට ගැලවීමට ඉඩ ලබා නොදෙන බවත් ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.


