පාකිස්ථානයට අලි දෙදෙනෙකු ලබා දීමට සූදානමක්…

කරච්චි සත්වෝද්‍යානයේ සිටි අප්‍රිකානු හස්තියකු වූ නූර් ජෙහාන්ගේ මරණයෙන් පසු, සුහදතාවයේ සළකුණක් ලෙස පකිස්ථානයට අලි දෙදෙනකු ලබා දීමට ශ්‍රී ලංකාව එකඟත්වය පළකර ඇත. Geo News පුවත් සේවය වාර්තා කරන ආකාරයට, මේ සම්බන්ධයෙන් පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා කටයුතු සංවිධානය කෙරේ.

වාර්තා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව පකිස්ථානයට ගැහැණු අලි දෙදෙනකු ලබාදීමට කැමැත්ත පළකර ඇත. ඒ, ඉන් එක් සත්වයෙක් කරච්චි සත්වෝද්‍යානය සඳහා සහ තවත් සත්වයෙක් ලාහෝර් සත්වෝද්‍යානය සඳහා වශයෙනි. 2017 මැයි මාසයේදී අභාවප්‍රාප්ත වූ සහ එහි සිටි එකම විශාල ක්ෂීරපායි සත්වයා වූ සුසිගේ මරණයෙන් පසු ලාහෝර් සත්වෝද්‍යානයේද මේ වන විට අලියකු නොමැත.

කරච්චියේ සිටි නූර් ජෙහාන් අලියා පසුගියදා මියගොස් ඇත්තේ, සත්වෝද්‍යානයේ රැකවරණය නොමැතිකම හේතුවෙන්, දිගුකාලීන සෞඛ්‍ය ගැටලු උත්සන්න වීමෙන්, 17 වැනි වියේදීය. නූර් ජෙහාන්ගේ කතාව මතු වූ දා සිට සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීහු සත්වෝද්‍යානයේ සතුන් කූඩු කිරීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් දක්වීමට පියවර ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *