දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට සැරසෙයි

සංවර්ධනයට පවතින සීමා මඟහැරීම සඳහා දෙපාර්තමේන්තුවක්ව පවතින දුම්රිය අධිකාරියක් ලෙස ස්ථාපිත කළ යුතු බව ප්‍රවාහන හා මාහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවර්ධනයට දෙපාර්තමේන්තු ක්‍රමයේ පවතින මන්දගාමි ක්‍රමවේද වලින් සිදුවන්නේ දැඩි බාධාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව කාර්යක්ෂම සේවාවක් ලබාදෙමින් ආදායම් උපදවන ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම මෙලෙස අධිකාරියක් බවට පත් කිරීමෙන් අපේක්ෂා කෙරෙන බවයි මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *