ග්‍රාමීය තරුණ ප්‍රජාවට එළුවන් 70,000ක් !

ග්‍රාමීය අංශයේ රැකියා නොමැති එළු පාලනයට කැමැත්තක් දක්වන තරුණ ප්‍රජාව අතරේ එළුවන් 70,000ක් බෙදා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මේ සඳහා අවශ්‍ය කරනු ලබන උසස් තත්ත්වයේ එළුවන් ලබා ගැනීමට සහ ළුපාලනය සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම මෙන්ම නිෂ්පාදන නැවත මිල දී ගැනීම සඳහා පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රැකියා විරහිතව ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන තරුණ පිරිස් වෙත අමතර ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *