දිමුත්ගෙන් සහ කුසල්ගෙන් ශතක දෙකක්!

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 02කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමාව වන විට සිය පළමු ඉනිම සඳහා කඩුළු 04ක් දැවී ලකුණු 386ක් රැස් කළා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් දියත් කළ නායක දිමුත් කරුණාරත්න ලකුණු 179ක් රැස් කළ අතර ඊට අනගි සහායක් ලබාදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 140ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මාර්ක් ඇඩ්යර්, කර්ටිස් කැම්පර්, බෙන්ජමින් වයිට් සහ ජෝර්ජ් ඩොක්‍රෙල් එක් කඩුල්ල බැගින් බිඳ දැම්මා.

හෙට (17) තරඟයේ දෙවන දිනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *