ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යපනය කන්කසන්තුරා වාරයේ සිට ඉන්දියාවේ පොන්ඩිචෙරි දක්වා මගී ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට රජය විසින් අරාම්භ කල ව්‍යාපෘතිය සම්පූරණ කිරීම සඳහා කන්කසන්තුරය වාරයේ යටිතල පහසුකම් කඩිනමින් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.
ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් සාගරය ඔස්සේ සිදු කෙරෙන ආර්ථික කටයුතු සුරක්ෂිතව සිදු කිරීම වෙනුවෙන් ස්ථායි සාගර කලාපයක් නිමානය කිරීමටත් නාවික හමුදාවේ පුහුණු මානව සම්පත සහ තාක්ෂණික හා ශිල්පීය දැනුම රජයේ සංවර්ධන වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා කාර්යක්ෂමව හා ඵලදායි ලෙස යෙදවීමටත් නාවික හමුදාව නිරතුරුව කැප වී සිටියි.
ඒ අනුව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය මගින් නාවික හමුදාවෙන් සිදුකල ඉල්ලීමකට අනුව නාවික හමුදපති වයිස් අධ්මිරල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත කන්කසන්තුරය වාරයේ යටිතල පහසුකම් පුලිල් කිරීමේ කටයුතු නාවික හමුදාවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් 2023 පෙබරවාරි මස 01 වන දින ආරම්භ කෙරිණි.
මේ යටතේ මගී ප්‍රවාහන යාත්‍රා සේවය මඟින් ප්‍රවාහන පහසුකම් ලබාගන්නා දෙස් විදෙස් මගීන්ගේ ආගමන විගමන කටයුතු සහ රෙගු නිෂ්කාශන කටයුතු සඳහා අවශ්‍ය අගී පර්යන්තයක් ඉදි කිරීම මෙලෙස නාවික හමුදා දායකත්වයෙන් සිදු කෙරෙන අතර මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් සිදු කෙරේ.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය මෙන්ම ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවත්නා දිගු කාලීන මිත්‍රශීලී රාජතාන්ත්‍රික සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමේ මෙම නවමු මගී යාත්‍රා ව්‍යාපෘතිය කඩිනමින් යතාර්ථයක් කිරීම සඳහා නාවික හමුදාව සිදු කරනු ලබන දායකත්වය තුලින් මහජන මුදල් විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට පමණක් නොව මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්රතිලාභ කඩිනමින් මහජනතාව වෙත හිමිකරදීමටද හැකියාව ලැබෙනු ඇත.








