ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට නව අතුරු කමිටුවක්

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලධාරි මණ්ඩලය ඉවත්කර, චුලා ධර්මදාස ගේ සභාපතිත්වයෙන් යුතුව ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් විශාල සේවයක් කර ඇති ක්‍රීඩකයින් හා නිළධාරීන් පිරිසක් ඇතුලත් කර අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අ

ඊයේ (12) පියවර ගෙන තිබේ.

සාමාජිකයන් නම දෙනකුගෙන් යුත් එම අතුරු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති උපදේශක ශානක රණසිංහ (ලේකම්), තුසිත පීරිස් (භාණ්ඩාගාරික), දමිත් විතාරණගේ, කිශාන් මුසාෆර්, සවන්ත ද සේරම, සුභාෂ් ජයතිලක, ප්‍රදීප් බස්නායක සහ බ්‍රිගේඩියර් සුනිල් රණසිංහ කටයුතු කරති.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ නීති සහ ජාත්‍යන්තර සම්මේලනවල නියෝග නොතකා හරිමින් ක්‍රියා කළ නිසා එම තිරණය ගැනීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා හට සිදුවූ බව ක්‍රීඩා අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *