තමා විපක්ෂ සමගි ජන බලවේග පක්ෂය අතහැර ආණ්ඩුවට එක් නොවන බවත්, ඇමැතිකම් ගන්නා බවට යළිත් ප්‍රකාශ නිකුත් නොකරන බවද රාජිත සේනාරත්න සමගි ජන බලවේගය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇත.
තවද තමා ඇමැතිකම් නොගන්නා බවද සමගි ජන බලවේග පක්ෂ විනය කමිටුව වෙත රාජිත සේනාරත්න කැදවා තිබු අවස්ථාවේ සදහන් කර ඇත.මෙම කමිටුවට රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තිස්ස අත්තනායක සහභාගී වී සිටියේය.
එහෙත් විනය කමිටුව රාජිත සේනාරත්නගෙන් මේ පිළිබදව විමසීමේදී ඔහු කියා ඇත්තේ තමන් මින්පසු එවැනි කිසිදු ප්‍රකාශ සිදු නොකරන බවත්, ආණ්ඩුවට එක්වී ඇමැතිකම් නොගන්නා බවත්, කිසිසේත්ම පක්ෂය හැර නොයන බවයි.
මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කර පැය 24ක් ඇතුළත නිවේදනයක් නිකුත් කිරීමට තමන් සූදානම් බවද රාජිත සේනාරත්න විනය කමිටුවට දැනුම් දී ඇත.
අනතුරුව විනය කමිටුව තීන්දු කර ඇත්තේ එම නිවේදනය නිකුත් කිරීමෙන් අනතුරුව විමර්ශනය කර රාජිත සේනාරත්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගැනීම විපක්ෂනායකවරයා වෙත පැවරීමට බව වාර්තා වේ.
සෞඛ්‍ය ඇමැතිකම ගැනීමට ආණ්ඩුවට එක්වන බවට කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමට ඊයේ දින විනය කමිටුව වෙත රාජිත සේනාරත්න කැදවා තිබුණේය.


