අප්‍රේල් මස 4දායින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ විපක්ෂයේ පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීන් 6 දෙනෙක් පමණ රජයට එක්වීමේ සූදානමක් ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මෑතකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරම් ලැබූ කොළඹ දිසාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්, කළුතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් දෙපළක්, බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂයේ සුළු පක්ෂ නියෝජනය කරන දෙදෙනෙක් මුල් වටයේ පක්ෂ මාරුවට සම්බන්ධ මන්ත්‍රීන් පිරිසට අයත් වන බව දැනගන්නට ඇත.
ඒ අතර විපක්ෂයේ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන්නා වූ මන්ත්‍රීන් පිරිසක්ද පක්ෂ මාරු සූදානමක පසුවන බව දැනගන්නට ඇත. ඇතැම් විට ඔවුන් කිහිප දෙනෙක්ද අප්‍රේල් 04 හෝ ඒ ආසන්න දිනක පක්ෂ මාරු කිරීමට ඉඩ ඇතැයි සඳහන්ය. ඉදිරියේදී පක්ෂ මාරු කරන සෙසු මන්ත්‍රීන් අතර පොහොට්ටුවේ මන්ත්‍රීන් කිහිප දෙනෙක්ද වන බව වාර්තා වෙයි. මේ මන්ත්‍රීන් සියලු දෙනා එක්කරගෙන නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමේ සැලසුමක් රජය ක්‍රියාත්මක කරමින් සිටින බවද වාර්තා වෙයි.


