ආණ්ඩුවට විකුණන ව්‍යාපාර 4ක ණය බර

ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිත ප්‍රධානම රාජ්‍ය ආයතන වන ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල ගිණුම්ගතව ඇති දෙස් විදෙස් ණය එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර රජයට පැවරීමට තීන්දු කර ඇත. ඒවා ස්වෛරී සහතික විදේශ ණය ලෙස රජයට පැවරෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

ඒ අතර දැනට නිකුත්ව ඇති පසුගිය වසරේ මුල් කාර්තුවට අදාළ මූල්‍ය වාර්තා අනුව 2022 වසරේ මුල් කාර්තුවේ රාජ්‍ය ආයතන 52 කින් 19ක් ලැබූ පාඩුව රුපියල් බිලියන 859ක් හෙවත් රුපියල් කෝටි අසූ පන්දහස් නවසීයකි. (කෝටි 85,900 කි.) එම කාලයේ රාජ්‍ය ව්‍යවසායකින් ලැබූ වැඩිම පාඩුව වාර්තා කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. එම ආයතනය ලැබූ පාඩුව රුපියල් බිලියන 628ක් හෙවත් කෝටි හැට දෙදහස් අටසීයකි. (කෝටි 62,800 කි.) එම කාලය තුළ රජය සතු කොළඹ හිල්ටන් හෝටලය රුපියල් බිලියන 5ක් පමණ (කෝටි 5200ක්) පාඩු ලබා ඇති බව මුදල් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *