පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය අවසන් වාර්තාව අප්‍රේල් මුල් සතිය වනවිට පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදෙන බව මැතිවරණ සීමා නීර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
එම කොමිසමේ කාලය මාර්තු 31න් අවසන් වුවත් නිම නොවූ වැඩ කටයුතු හේතුවෙන් මෙලෙස අමතර දින කිහිපයක් ගතවන බව හෙතෙම සඳහන් කළේය. විශේෂයෙන් මීට පෙර පළාත් පාලන ආයතනවල තනතුරු දැරූ 8000කට අධික සභික සංඛ්‍යාව නව සීමා නීර්ණය යටතේ 4800 දක්වා පහත හෙලා ඇති බවද දේශප්‍රිය මහතා වැඩිදුරටත් කීය.


