ගලි වළකට වැටීමෙන් නගර සභා සේවකයින් දෙදෙනෙක් මිය යයි

ගලි වළකට ඇද වැටී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, කොළඹ මහ නගර සභාවේ අනියම් කම්කරු සේවයේ නිරතව සිටි දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බව ය.

ඊයේ (මාර්තු 27) දහවල් කොළඹ කොටහේන පොලිස් වසමේ, හෙට්ටියාවත්ත හන්දිය ප්‍රදේශයේ ගලි වළක නළ පද්ධතියක් අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී එක් අයෙකු එම වලට ඇද වැටී ඇත.

පසුව ඔහුව බේරා ගැනීම සඳහා අනෙක් පුද්ගලයා ද එම වල තුළට බැස ඇති අතර ඔහුද එම වළට තුළට වැටී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

බරපතළ තත්ත්වයේ පසුවූ ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇත.

මරණකරුවන් අවුරුදු 28 සහ 38 වයස්වල පසුවන කොළඹ 10 සහ කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *