“දෙසැම්බර් මාසෙට කලින් මැතිවරණයක් එයි”-මහින්ද රාජපක්ෂ

එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පවත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

අද (මාර්තු 27) නාරාහේන්පිට අභයාරාමයේදී වැඩසටහනට සහභාගි වී පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

ඕනෑ ම මැතිවරණයකට තම කණ්ඩායම සූදානම් බව ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරට ත් කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *