ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම පිළිබඳ සොයා බැලීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
එම කමිටුවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපති ඉම්රාන් කවාජා සහ බංගලදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති හස්මුල් හක් යන මහත්වරු ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා අනවශ්‍ය ලෙස දිගින් දිගටම එල්ල වන දේශපාලනික අතපෙවීම් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසාදුගත කිරීම හෝ අත්හිටුවීම සඳහා සලකා බලමින් සිටින බව ජාත්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරයි.
ඊට ආසන්නතම ප්‍රධාන හේතුව වී ඇත්තේ නව ක්‍රීඩා නීති සකස් කිරීමේදී ක්‍රීඩා ඇමතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඇපීල් උසාවි වෙත ලබාදුන් එකඟතාව කඩ කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත වාර්තා වීමයි.
2023-03-23


