ජල සම්පාදන සේවකයින් වැඩවර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයිනපුරා සියලු කාර්යාලවල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගී වන බවයි ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කළේ.

වැඩවර්ජනය හේතුවෙන් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කාර්යාල සේවාවන් සහ පාරිභෝගික සේවාවන් සහ අයකැමි අංශ ද වසා දැමීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *