මීට වසර 6කට ඉහතදී කොළඹ වරාය අධිකාරියේ සේවකයන්ගේ විවේකාගාරය තුළදී පෙට්‍රල් දමා ගිනි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ සහයක වරයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
සැකකරු එම අවස්ථාවේ හැඳ සිටි සරමේ ගැල් වි තිබූ පෙට්‍රල් හා තවත් හේතු කිහිපයක් මුල් කරගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත
සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුනේ කැලණිය ගොනවල වැල්ල වීදිය පාර පදිංචිව සිටි වරාය අධිකාරියේ වැඩ සහයකයෙකු ලෙස කටයුතු කරන චමිල් නුවන් ජයතිලක (31) යන අයයි
2016 දෙසැම්බර් 8 වැනි දින අලුයම් කාලයේ කොළඹ වරායේ ජේ සි ටි අංක 1 සහ 2 සුළු සේවකයන්ගේ විවේකාගාරය තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකක හය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු එදින හැද සිටි සරමට පෙට්‍රල් එකතු වුයේ කුමන ආකාරයෙන්ද ? තම වටිනා කියන දේපළ කිසිවක් ( රුපියල් 15000 අඩංගු මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය) ගින්නට හසු නොවී බේරා ගත්තේ කුමන ආකාරයද ? මරණකරුගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වුයේ කුමන හේතුවක් මතද ? යන්න ප්‍රශ්න වලට හා තවත් ප්‍රශ්න කීපයකට සැකකරුට සාධාරණ යැයි සිතිය හැකි එකදු පිළිතුරක් ලබාදීමට නොහැකි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
ඊට අමතරව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව අනුව අපරාධ ස්ථානයේ තිබී සොයාගන්නා ලද පෙට්‍රල් සාම්පලය ට සමාන පෙට්‍රල් සාම්පලයක් මරණකරු නිදා සිටි කාමරයේ සිටින ලද සැකකරු හැඳ සිටි සරම තිබූ බවට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවේද සඳහන් කර ඇතැයි එම නිලධාරියා කීය
මෙම ඝාතනයට අදාළව ඇසින් දුටු සාක්කි කිසිවක් නොමැති අතර පරිිවේක්ශන සාක්ෂි සහ විමර්ශකයන්ගේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අනාවරණය කරගත් විමර්ශනයක් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ මනුෂ්‍ය ඝාතනය , මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීම ,කරනු ලබන වරදක් සඳහා සාක්ෂි අතුරුදහන් කරවීම හෝ වරදකරු අනාවරණය කිරීම සඳහා එය පිළිබඳ අසත්‍ය තොරතුරු සැපයීම සැකකරුට එල්ල වී ඇති චෝදනා බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් හතළිස් එක් හැවිරිදි සැකකරු මිනුවන්ගොඩ පදිංචිකරුවෙකි
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා
වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුතිලක මහත්වරුන්ගේ උපදෙස් මත ඒකක හය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක ,උප පොලිස් පරීක්ෂක මහේෂ් පොලිස් සැරයන්වරුන් වන 14156 ජයන්ත , 1863 අජිත් , පොලිස් කොස්තාපල්වරුන් වන 91402 විජේසිරි ,11800 අමරසේන, 100124 රන්දික, 100135 ජයසිංහ , 100137 බණ්ඩාර, 104482 චමිල් , 96537 විජේරත්න මහත්තුරු පරීක්ෂණ පවත්වයි


