පොලිස් අත්අඩංගුවෙන් පළා යාම සහ ඝාතන සිද්ධීන් රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රවිඳු වර්ණ රංග හෙවත් බුරු මූනා ඊයෙ 22 කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ බව බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි
ඉකුත් විසි වෙනි දින කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත සැකකරු ඉදිරිපත් කිරීමේදී තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බවට බුරු මූනා පැවසීමෙන් අනතුරුව
අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත අද සැකකරු මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය
විනාඩි 20ක විස්සක පමණ ආසන්න කාලයක් සැකකරු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහු දැනට ලබා ගන්නා ඖෂධ ඒ ආකාරයෙන්ම ගන්නා ලෙස පවසා තිබිණි
ඉකුත් 17 වැනි දින සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව
හංවැල්ල දස වේල්ල දුරකථන කණුවක් යට සඟවා තිබූ සි 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662 ක ප්‍රමාණයක් සොයා ගැනිණි
ඒ අනුව සැකකරු සැකකරුවන් ත්‍රස්තවාදී වීසා සංවිධානයක් සමග සබඳතා පවත්වන්නේ ද යන්න සොයා බැලීම සඳහා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයාගේ අවසර ලබාගත් බව පොලිසිය කියයි
සැකකරු මේ වන විට නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිසියක විශේෂ සිරමැදිරියක රඳවා දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, පොලිස් අධිකාරී චන්දන ගමගේ මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර , පොලිස් සැරයන් 40248 ප්‍රසන්න මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි


