නිල් මහා සටන නැරඹීමට ජනපතිත් යයි

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 144 වන නිල් මහා සටන කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී අද (18) තුන්වැනි දිනටත් පැවැත්වේ.

එම තරගය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඊයේ එක්වී සිටියේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය.

රාජකීය විදුහල වෙනුවෙන් නායක දසිස් මංචනායක (137) සහ රුමිරු පෙරේරා (128) ශතක ලබාගත් අතර රාජකීය ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 229 ක විශිෂ්ඨ සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත් වූහ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.

ඊයේ දිනය නිමා වනවිට කොළඹ රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවි ලකුණු 168 ක් රැස්කරගෙන සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *