මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලමේ…

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.

වෙසක් පූර්ව වැඩසටහන්, වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් දින උත්සවය සහ වෙසක් පෝය දින වැඩසටහන් පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡා කළ බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

වෙසක් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා ජාතික, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන සමග ඒකාබද්ධ වෙමින් වැඩසටහන් සංවිධානය කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ඒ අනුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ තවත් රාජ්‍ය ආයතන ගණනාවක් මෙම වැඩසටහනට එක්ව සිටින බව ද ලේකම්වරයා කීවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *