“බූරු මූණා” අවිස්සාවෙල්ලදී කොටු වෙයි

පාතාලයේ සැඟවුණු වෙඩික්කරුවෙකු වූ රවිඳු සංඛ හෙවත් “බූරු මූණා” අවිස්සාවේල්ල නගරයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

හංවැල්ල ආපනශාලා හිමිකරු ඝාතනයට ඇතුළුව තවත් මිනිස් ඝාතන රැසකට අවශ්‍යව සිටි බූරු මූණා ඉකුත් මස 24 වන දා ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබිණි.

ඉන් අනතුරුව ඔහු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් ස්ථානය භාරයට පත්කර තිබියදී හිමිවරුන් දෙදෙනෙකුගේ සහය මැද පොලිසියෙන් පළා ගොස් තිබිණි.

ඝාතන රැසක වෙඩික්කරුවෙකු වූ “බූරු මූණා” එතැන් පටන් අතුරුදන් විය.

සීතාවක පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කුගේ මෙහෙයවීම මත විමර්ශන සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *