පසුගිය මාර්තු 7 සහ 8 කොළඹ විශ්වවිද්‍යාලය අවට සහ කැලණිය විශ්වවිද්‍යාලය අවට පැවති උද්ඝෝෂණය පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව, මෙම උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනයක් මාර්තු මස 10 වන දිනට පෙර එම කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව අද (මාර්තු 9) දින ලිඛිතව දන්වා යවා ඇත.
.


