සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිළධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාවට කැඳවයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට අද (20) කැඳවා තිබේ.

ඒ, පසුගියදා රාජ්‍ය ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහායි.

මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට අද (20) කැඳවා ඇත්තේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවයි.

වන සංරක්ෂණ ආඥා පනත යටතේ නියෝග කිහිපයක් ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *