යතුරුපැදි හොරකමේ ගිය මවක් සහ පුතෙක් පොලිස් අත්අඩංගුවට…

යතුරුපැදි සොරකම් කිරීමේ යෙදුණු මවක් සහ පුතකු ඇතුළු තිදෙනකු ජා-ඇල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා-ඇල උදම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

සැකකරුවන් විසින් සොරා ගන්නා ලද යතුරුපැදි හතක් සහ ත්‍රීරෝද රථයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

කාර්මිකයකු ලෙස රැකියාවේ නියුතු සැකකාර පුත්‍රයා සතුව තිබී ජීව අත්බෝම්බයක් ද සොයාගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *