සම්මානිත ප්‍රවීණ නිවේදිකා රම්‍යා ශ්‍රියාණි පතිරණ අභාවප්‍රාප්ත වෙයි

සේවා සම්මානිත ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක හා ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට ඇය පසුවූයේ 64 වැනි වියේය.

1979 දී ගුවන් විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ශිල්පිනියක ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය, 1981 දී සහය නිවේදක මණ්ඩලයට ඇතුළත් විය.

1988 දී ගුවන් විදුලි දෙවැනි ශ්‍රේණියේ ස්ථිර නිවේදිකාවක වූ රම්‍ය ශ්‍රියානි පතිරණ 1994 දී පළමු ශ්‍රේණියේ නිවේදිකාවක ලෙස ගුවන් විදුලිය තුළ තම දක්ෂතාව දැක්වූවාය.

2015-2016 වසර තුළ ඉහළ ශ්‍රේණිගත නිවේදන ශිල්පිනියක වූ ඇය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ වසර 38 ක් නිවේදිකාවක ලෙස සේවය කළාය.

හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව ඇය අද (18) අළුයම අභාවප්‍රාප්ත විය.

දේහය අද පස්වරු 2.00 සිට පන්නිපිටිය, ඇරව්වල උස්වත්ත මැදපාර, අංක 304/2 දරණ නිවසේ තැන්පත් කෙරේ. අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *