“පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතුයි!”මෛත්‍රීපාල සිරිසේන කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 4 ක් පුරා තමන්ට චෝදනා කළද channel 4 වීඩියෝව හරහා වෙනත් කරුණු අනාවරණය වන බැවින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයාට ලිපියක් භාරදීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා කර ඇති පරිදිම මේ සම්බන්දයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *