ලංකාවේ නැගෙනහිර මුහුදේ සුළු භූ කම්පනයක්!

නැගෙනහිර මුහුදු තීරයේ සුළු භූ කම්පනයක් සිදුව තිබේ. 

එහි ප්‍රබලත්වය සටහන් වුණේ මැග්නිටියුඩ් ඒකක 4.65 ක් ලෙසයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජනක අජිත් ප්‍රේම මහතා සඳහන් කළේ, මඩකළපුවේ සිට කිලෝමීටර 310 ක් ඈතින් පිහිටි මුහුදේ භූ කම්පනය සිදුව ඇති බවයි.

ඉන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් හෝ සුනාමි අවදානමක් නැතැයි ජනක අජිත් ප්‍රේම මහතා තහවුරු කළේ ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *