ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂයේ නායකත්වයට පත්වී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියේ අලුතින් යාවත්කාලීන කරන ලද ලියාපදිංචි දේශපාලන පක්ෂ ලැයිස්තුවට මව්බිම ජනතා පක්ෂයේ පක්ෂ නායකයා ලෙස දිලිත් ජයවීර නම් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව මව්බිම ජනතා පක්ෂයේ සලකුණ ලෙස දැක්වෙන්නේ ගුවන් යානය ලකුණයි.


