Channel 4 එල්ල කරන ලද චෝදනා විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එසේම පාස්කු ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට චෝදනා කරමින් හිටපු නීතිපතිවරයකුට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට රජය අපේක්ෂා කරන බවද පැවැසේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ අවසන් වූ පසු අවසන් තීරණ ගැනීමට පෙර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සහ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කර ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *