සුරාබදු පනත සංශෝධනය කිරීමට කඩිනමින් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
මේ වනවිට සුරාබදු පනතේ බොහෝ අඩුපාඩු පවතින බවත් එම අඩුපාඩු සංශෝධනය කරමින්, ඊට කඩිනමින් සංශෝධන ඉදිරිපත් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
සුරාසැල් ස්ථානගතවීම ආදිය කෙරෙහි සෘජුවම බලපාන නිවේදනයද කඩිනමින් යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් සිටින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.


