බංග්ලාදේශය සමඟ පැවති තරඟයෙන් ජය ලැබීමත් සමඟ ලංකාවට අලුත් වාර්තාවක්!

අඛණ්ඩව 13 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ලකුණු 21කින් බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කළ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි කර ගත්තේය.

ඕස්ට්‍රේලියාව තරග 21ක් ජයගනිමින් එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවේ.

තරග 12 බැගින් ජය ගනිමින් පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව (දෙවරක්) තෙවැනි ස්ථානයේ සිටී.

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරගයේ දී බංග්ලාදේශ නායකයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නේය.

සදීර සමරවික්‍රමගේ අනර්ඝ ඉනිමට පිං සිදු වන්නට ලකුණු 250 සීමාව පසු කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් සහ පැතුම් නිස්සංක ලකුණු 40ක් ලබා ගත්තේය.

පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී ලකුණු 257ක් විය.

පන්දුවාර 48.1කදී බංග්ලාදේශ ඉනිම ලකුණු 236කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූහ.

දසුන් ශානක, මතීෂ පතිරණ සහ මහේෂ් තීක්ෂණ කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *