පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සහිත Channel 4 වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ඒ අනුව Channel 4 නාලිකාවේ නවතම චිත්‍රපටය 2005 සිට පැවති රාජපක්ෂ පාලනයට මඩ ගැසීම ඇමුණු කරගත් රාජපක්ෂ විරෝධී ප්‍රහාරයක් බවයි හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ.
මීට පෙර Channel 4 නාලිකාව විසින් ශ්‍රී ලංකාව ගැන විකාශය කරන ලද චිත්‍රපටය මෙන්ම මෙයද බොරු ගොන්නක් බවත් තමා ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන ලද බවට සඳහන් කිරීම අතිශය ජුගුප්සාජනක බවයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.


