දූෂණ චෝදනා ලබා සිරගතව සිටින සුකී ට ප්‍රතිකාර කිරීම හමුදා රජය ප්‍රතික්ෂේප කරයි!

මියන්මාරයේ හිටපු නායිකා අවුනසාන් සුකීගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමේ පවතින බව ඇයගේ බාල පුත්‍රයා වන කිම් ඇරිස් ප්‍රකාශ කර ඇත.

මේ වන විට දූෂණ චෝදනා මත සිරගත කර සිටින හිටපු නායිකා සුකීට හදිසි ප්‍රතිකාර ලබාදීම මියන්මාරයේ හමුදා රජය ප්‍රතික්ෂේප කර ඇති බව ඔහු පවසා තිබේ.

78 හැවිරිදි වියෙහි පසුවන සුකීට වහාම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට බන්ධනාගාර නිලධාරීන් හමුදා රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇති අතර, නමුත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ අවශ්‍යතාවයක් නැතැයි මියන්මාර හමුදා රජයේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇතැයි වාර්තා වේ.

2021 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකළ සුකී මේ වන විට රදවා ඇති ස්ථානය පවා රජය අනාවරණය නොකරන බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *