දයාසිරි ජයසේකර පක්ෂ සමාජිකත්වයෙන් ඉවතට…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ (05) රාත්‍රී තීරණය කර ඇතැයි වාර්තාවේ.


ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එහි 15 වන වගන්තියේ පක්ෂ සභාපතිවරයා වශයෙන් තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 15 වන වගන්තියෙ i (ඇ)  යටතේ ඔබගේ පක්ෂ සාමාජිකත්වය ඊයේ (05)  දින සිට තහනම් කරනු ලබන බවත්, ඒ අනුව පක්ෂයේ ලේකම්වරයා වශයෙන් තවදුරටත් වැඩ කිරීමට ද ඔබට හැකියාවක් නොමැතිබවත් දන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති මෛත්‍රීපාල සිරිසේන විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙත ඊයේ මැදියම් රාත්‍රීයේදී ම ලිඛිත දැනුම්දීමක් කර ඇත.

ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්තාවේ 15 වන වගන්තියේ i (ඇ) යටතේ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, ඉදිරි දින 14 ඇතුළත විනය කඩ කිරීම සම්බන්ධ චෝදනා පත්‍රය එවීමට කටයුතු කරනු ලබන බවත් එම ලිපියේ සඳහන් වේ.

 තවද ශ්‍රීලනි පක්ෂ ව්‍යවස්ථාවේ 16 වන වගන්තියේ දේශපාලන මණ්ඩලයේ ix වන ඡේදය යටතේ සභාපති සහ දේශපාලන මණ්ඩලයට පැවරී ඇති බලතල ද මේ අනුව ක්‍රියාත්මක වන බව දැනුම්දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *