දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

යාපනය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තරමක තද සුළං ඇතිවිමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *