ලන්සාගේ අලුත් සන්ධානයේ නායකත්වය අනුරට…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරවීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා විසින් ආරම්භ කර ඇති නව සන්ධානයේ නායකත්වයේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාට පවරා ඇති බව ලාන්සා මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කිරීමේ බලය ඇතුළු සියලු වගකීම් යාපා මන්ත්‍රීවරයාට පැවරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලාන්සා සහ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත විසින් ඉදිරිපත් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙලෙස යාපා මන්ත්‍රීවරයා පත්කර ඇත්තේ, නව සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය.

නව සන්ධානයේ නායකත්වය වයඹට ගොස් ඇති බවට ඇමැති නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇති බවද වාර්තා විය.

කොළඹ, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්කවල ප‍්‍රාදේශීය දේශපාලඥයන් කිහිපදෙනකුද මෙම සන්ධානයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර ලාන්සා මන්ත්‍රීවරයා සමග රූපවාහිනී විවාදයකට යෑමේ අදහස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ප්‍රතික්ෂේප කර ඇති බවද අනාවරණය වේ.

නව සන්ධානය ළඟදීම තමන්ගේම භික්ෂු සංවිධානයක් පිහිටුවීමට ද සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *