ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරියගේ හැසිරීම ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිල්ලක්!

ශ්‍රී ලංකාවේ ඇමරිකාවේ තනාපතිවරියගේ හැසිරීම පිළිබඳ කණගාටුවට පත්වන බව සඳහන් කරමින්, ලිඛිතව ඒ බව දැනුම්දීම සඳහා ජාතික සංවිධාන එකමුතුවේ නියෝජිතයන් පිරිසක් විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණ ඇත.

එහිදී ඔවුන් සඳහන් කළේ, ”ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපතිවරිය රටේ අභ්‍යන්තර කටයුතුවලට දැඩිව බලපෑම් එල්ලකරන බවත්, ඇය දේශපාලන කටයුතු ඇමරිකානු න්‍යායට අනුව කටයුත කරන බවත්ය.

මේ පිළිබඳ අදාළ කණ්ඩායම නියෝජනය කළ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ප්‍රකාශ සිටියේ, ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ඇතුළු නිලධාරීන් හමුවී තනාපතිවරිය ඔවුනට උපදෙස් ලබාදී ඇති බවයි.

තනාපතිවරිය කැඳවා ඇයට උපදෙස් ලබාදීම විදේශ කටයුතු ඇමැතිවරයාගේ වගකීමක් බවත් ඔවු අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *